මාර්ගගත ගණුදෙනු වලින් ගාස්තු අයකිරිම ගැන ඇමති නාමල්ගේ අවධානය..
මාර්ගගත ගණුදෙනු සඳහා බැංකු විසින් සියයට 6.5 සිට සියයට හත දක්වා ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් අදාළ බැංකු සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය රජයේ ප්‍රතිපත්තිය නොව ඩොලරයේ අගය වෙනස්වීම මත බැංකු විසින් ගාස්තු ඉහළ දමා ඇති බවයි.
මෙමඟින් ඊබේ, නෙට් ෆ්ලික්ස් වැනි සේවාවන් ලබාගැනීමේදී පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්ව ඇති නිසා මුදල් අමාත්‍යවරයාගේ දැනුම්දීම මත රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් දැනටමත් බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය නිවේදනයේ දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරි අයවැයේදී මාර්ගගත වේදිකාවන්, ඊ වානිජ්‍යය වේදිකා හෝ ඩිජිටල් ව්‍යාපාර සඳහා සහන ලබාදීමට දැනටමත් රජය තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ.
0 Comments